gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

අත තුනට කඩා පොහොට්ටුව හාන්සි කළ රනිල්ගේ අවසන් අරමුණ හෙළිවේ.. ධම්මිකත් රනිල්ගේ සහය නලුවෙක්ලු!

වර්තමානය වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනා මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම ජනාධිපති අපේක්ෂකයා වශයෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමත්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පල කිරීමත්, දයාසිරි ජයසේකර මහතා සමගි ජන බලවේගයේ අපේක්ෂකයාට සහය දීමට තීරණය කිරීමත් හේතුවෙන් බණ්ඩාරනායක මහතා විසින් ගොඩනැගූ නිදහස් පක්ෂය කුමක්දැයි සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.

එවැනි පසුබිමක මෙරටම අතිවිශාලතම දේශපාලන පක්ෂය ලෙස දශකයකට ආසන්න කාලයක් පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට මහපොළොවට සමතලා වී ඇත.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ මැති ඇමතිවරුන්ගෙන් 90%කට අධික පිරිසක් මේ වන විටත් රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහාය දැක්වීම අරඹා ඇති පසුබිමකයි.

මේ අතර නිදහස් පෙරමුණේ මෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අභාවය උදෙසා රනිල් වික්‍රමසිංහගේ ක්‍රියා කලාපය 100%ක් බලපෑ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජේෂ්ඨයෙක් පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැබලි වලට වෙන් කර දැමීමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහපොළොවට සමතලා කර දැමීමත් රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් සහගතව සිදු කළ කුමන්ත්‍රණයක් බවයි.

ව්‍යාපාරික ධම්මික පෙරේරා යනු ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් තෝරා ගනු ලැබූ එක් නියෝජිතයෙක් බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබියදී ඊයේ රාත්‍රියේ ධම්මික පෙරේරා මහතා හදිසියේම තම අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කරන ලද්දේ එම සැලසුමේ කොටසක් ආකාරයට බවත් එම සිදුවීම මේ ආකාරයෙන් සිදුවන බවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් පසුගියදා කොළඹ හෝටකයකදී රැස්ව සිදුකළ සාකච්ඡාවකදී හෙළිකර තිබූ බවත් වාර්තාවේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අස්ථාවර කිරීමෙන් පසුව එහි පාක්ෂිකයන් තුල පක්ෂය සඳහා ඇති විශ්වාසය සහ කැමැත්ත නැතිකර දැමීමෙන් එහි වාසිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ලබා ගැනීම මෙම සැලසුමේ අවසන් අරමුණ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka