ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දීමට තීරණය කර ඇත.
මේ බව පවසමින් ඇය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
2024 ජනාධිපතිවරණය
2024 ජනාධිපතිවරණයේ දී මාගේ දේශපාලන ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම නිවේදනය නිකුත් කරමි.
මා සමඟ දේශපාලනිකව කටයුතු කරන පාක්ෂිකයින්, විද්වතුන්, සමාජ ක්‍රියාකාරීන් සහ අනෙකුත් පාර්ශ්ව සමඟ දීර්ඝ දේශපාලන කථිකාවකින් අනතුරුව මා මෙම දේශපාලන තීරණය ගැනීමට කටයුතු කළෙමි.
2022 ර්වෂයේ අපගේ මාතෘ භූමිය ආර්ථීක, දේශපාලන සහ සාමාජීය වශයෙන් බරපතල අස්ථාවරත්වයකට පත් වූ බව අප සියළු දෙනා දන්නා කරුණකි.
එවකට පැවති අස්ථාවරත්වයෙන් රට මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන කොටගත් දේශපාලන කණ්ඩායම් බොහොමයක් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාව මෙරට ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට කටයුතු කළහ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එකී වෙනත් දේශපාලන බලවේග ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත තැබූ විශ්වාසය අනුව අප මාතෘ භූමිය සැලකිය යුතු ස්ථාවරත්වයකට මේ වන විට පත්ව ඇත.
එම හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි රත්නපුර දිස්ත්‍රික්කයේ අති බහුතර පාක්ෂිකයන් සංඛ්‍යාවක් මා වෙත දන්වා සිටිනුයේ ඉදිරි ජනාධිපතිවරණයේ දී ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය ලබා දෙන ලෙසයි.
තීරණාත්මක දේශපාලන තීන්දු ගැනිමේ දී මා සමඟ කටයුතු කරන රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව සහ පාක්ෂිකයන්ට ඇහුම්කන් දීම මාගේ දේශපාලන දිවියේ සැමවිටම මා අනුගමනය කළ ප්රතිපත්තියයි.
තවද, අප සියළු දෙනා එක්ව මහත් කැපකිරීම් සහිතව ස්ථාවරත්වයකට පත් කර ගත් අපගේ මාතෘ භූමිය තවදුරටත් ගොඩනැගීම සඳහා සෘජු හා යථාර්ථවාදී තීරණ ගන්නා රාජ්‍ය නායකයෙකු මේ මොහොතේ අවැසි බව මාගේ විශ්වාසයයි.
එබැවින්, මා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි තවදුරටත් රැඳෙමින්, ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂයෙකු ලෙස ඉදිරිපත් වී ඇති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මාගේ සහයෝගය ලබාදීමට තීරණය කළෙමි.
ඒ සඳහා ඔබ සියළු දෙනාගේ ආශිවාදය හා සහයෝගය තවදුරටත් අපේක්ෂා කරමි.
– ස්තුතියි