බංග්ලාදේශ අරගලකරුවන් බලය අතට ගනී... 24ක් පණ පිටින් පුළුස්සා මරයි!
අරගලය හමුවේ බංගලාදේශ අගමැතිනිය ඉල්ලා අස්වී රටින් පැනගිය පසුව අරගලකරුවන් විසින් එරට තරු පන්තියේ හෝටලයක බිම් මහලට ගිනි තබා ඇති අතර එම ගින්න වේගයෙන් ඉහළ මහල දක්වා පැතිර ගොස් ඇත.
බංග්ලාදේශයේ අවාමි ලීගයේ නායකයෙකුට අයත් එම තරු පන්තියේ හෝටලය තුළ සිටි 24 දෙනකු පණ පිටින් පිලිස්සී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මරණයට පත් වූ අය අතර ඉන්දුනීසියා ජාතිකෙයක් සිටින බවත් පුද්ගලයන්ගේ මළ සිරුරු 24ක් මේ වනවිට රෝහල් වෙත ගෙනවිත් ඇති බවත් තවත් සිරුර සුන්බුන් අතර සිරවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බංග්ලාදේශ අරගලකරුවන් බලය අතට ගනී... 24ක් පණ පිටින් පුළුස්සා මරයි!
2024-08-07T07:09:00+05:30
Gossip Lanka Hot News





