ආගිය අතක් නැති ජනාධිපති අපේක්ෂකයන් ගැන කොමිසමට වගකීමක් නැතිලු
ජනාධිපති අපේක්ෂකයන් තිදෙනෙකු අතුරුදන් වී සිටීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සැළකිලිමත් නොවන බව ප්‍රකාශ වී තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයනය සඳහා වූ ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පසුගියදා සඳහන් කළේ නාමයෝජනා භාර දීමෙන් පසු ජනාධිපති අපේක්ෂකයන් තිදෙනෙකු අතුරුදහන් වී ඇති බවයි.
ඔහුට අනුව මියගිය අපේක්ෂකයා හැරුණුකොට සෙසු අපේක්ෂකයන් 38 දෙනාගෙන් රැස්වීම් සංවිධානය කර ඇත්තේ 15 දෙනෙකු පමණි.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ එම තිදෙනා නාමයෝජනා භාරදී ඇති බැවින් එය ඔවුන්ගේ කටයුත්තක් නොවන බවයි.
“ඔවුන් අතුරුදන් වී ඇත්නම් පොලිසියට පැමිණිලි කළ හැකියි. මැතිවරණ කොමිසමේ කිසිම සම්බන්ධයක් නැහැ.” යනුවෙන් පහු ප්‍රකාශ කර ඇත.
මීට අමතරව රැස්වීමක් පවත්වා නොමැති අපේක්ෂකයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රැස්වීමක් සංවිධානය කරනවාද නැද්ද යන්න තීරණය කිරීම ඔවුන් සතු බවත් එය කොමිසමේ කාර්යයක් නොවන බවත්ය.
ආගිය අතක් නැති ජනාධිපති අපේක්ෂකයන් ගැන කොමිසමට වගකීමක් නැතිලු
2024-08-30T12:04:00+05:30
Gossip Lanka Hot News





