පැවැති රජයන් සමයේ මෙරට සිදුවූ බරපතළ මූල්‍ය වංචා අයථා මුදල් ගනුදෙනු ජාවාරම් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු දේශපාලන හෙන්චයියන් රැසක් මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනට පෙර හොර රහසේ ම රටින් පලායෑමට සැලසුම් කරගෙන සිටින බවට තොරතුරු වාර්තා වී ඇත.
මෙසේ රටින් පලායෑමට සැලසුම් කරගෙන සිටින පුද්ගලයන් මේ වනවිටත් විවිධ රටවල්වලින් වීසා බලපත්‍ර පවා ලබාගෙන සිටින අතර ඇතැමුන් ගුවන් ගමන් බලපත්‍ර පවා වෙන් කර ගෙන සිටින බවට වාර්තා වෙයි.
පසුගිය රජයන් සමයේ දේශපාලන බලය අයථා ලෙස පාවිච්චි කරමින් අසීමිත ලෙස මුදල් ඉපැයූ දේශපාලනඥයන් විවිධ වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයන් මේ වනවිටත් මෙරට ඔවුන්ට අයත් දේපොළ හොර රහසේ ම විකුණා දමමින් සිටින බවට ද තොරතුරු ලැබී ඇත.
හවුල් ව්‍යාපාරවල නිරත වූ මෙම පුද්ගලයන් ගෙන් බහුතරයක් දෙනා තමන්ට අයත් ව්‍යාපාරවල කොටස් මුදල් බවට පරිවර්තනය කර ඒවා ලබාගෙන ඇති බව ද වාර්තා වෙයි.
රටේ ආර්ථිකය විනාශ කර අසීමිත ආකාරයට මුදල් ඉපැයීමට ඍජුවම දායකවූ ප්‍රබලම දේශපාලනඥයන් කීපදෙනකු සහ හිටපු රාජ්‍ය නිලධාරීන් කීපදෙනකු ද මෙසේ රටින් පලායෑමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර ගෙන සිටින බව විශ්වාස දායක ආරච්චි මාර්ග පවසයි.
තමන් බලයට පත් කිරීමට උත්සාහ කරන ජනාධිපති අපේක්ෂකයන්ට අවාසි සහගත තත්ත්වයක් උදා වෙමින් තිබෙන බව මොවුන් කල්තියාම අනුමාන කිරීම නිසා මේ ආකාරයට රටින් පලායෑමට සූදානම් වන බවද වාර්තා වෙයි.
- colomboxnews