gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

‘දුෂණ විරෝධී පනත ගේන්න එපා..’ – ප‍්‍රබලම තරුණ මන්ත‍්‍රීවරයෙක් ජනපති හා යටින් ඩීල්!

දූෂණ විරෝධී පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන ලෙස තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

තරුණ මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම කර තිබෙන්නේ ඉදිරි දෙසතිය ඇතුළත දූෂණ විරෝධී පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති පසුබිමකය.

මෙම මන්ත්‍රීවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ජනාධිපතිවරණයට පෙර දූෂණ විරෝධී පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලීමක් කර ඇත.

මන්ත්‍රීවරයාගේ ඉල්ලීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සමග සාකච්ඡා කර ඉදිරි දින දෙක තුළදී තීරණයක් ගැනීමට නියමිත බවද වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවේදී සම්මත කරන බව මීට පෙර අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කර තිබුණි.


– ADA


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka