අගමැති ඉවත් වෙනවාද නැද්ද තීන්දුව තව ටිකකින්!
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී ගන්නා ස්ථාවර සම්බන්ධයෙන් මේ වනතෙක් දෙගිඩියාවක පසුවන බව වාර්තා වෙයි.
දිනේෂ් ගුණවර්ධන මහතා ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරන හවුල්කාර පක්ෂයක් ලෙසිනි.
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනූ දෙදෙනෙකු ජනාධිපතිවරයාට සහාය දීම සඳහා පවත්වන ලද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටද අග්‍රාමාත්‍යවරයා සහභාගි විය.
මේ අතර මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබේ.
එහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගැනීමට නියමිතව ඇත.
අගමැති ඉවත් වෙනවාද නැද්ද තීන්දුව තව ටිකකින්!
2024-08-01T09:36:00+05:30
Gossip Lanka Hot News






