gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රැකියා උපදවනවා.. බදු බර අඩු කරනවා... ආදායම් වැඩි කරනවා... මහින්දෝදය විද්‍යාගාර විශ්වවිද්‍යාල කරනවා... මිනිස්සු බඩගින්නේ තියන්නේ නෑ... ගමේ ව්‍යවසායකයන් ආරක්ෂා කරනවා - නාමල්ගෙන් පොරොන්දු රැසක්! (VIDEO)

මෙරට සංස්කෘතිය සහ ආගම දහම ආරක්ෂා කිරීමේ වගකීමක් තරුණ දේශපාලනඥයෙකු ලෙස තමන්ට ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලබාගැනීමට මහනුවරට පැමිණි බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුගමනය කළ ආගම දහමට සංස්කෘතියට මුල් තැන දීමේ ක්‍රියාපිළිවෙල තවදුරටත් අනුගමනය කරන බව කී නාමල් රාජපක්ෂ මහතා ඇතමුන් එය දේශපාලනීකරණයක් ලෙස හැඳින්විය හැකි බවද සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෝ මහනුවර දළදා මාළිගාව වැදපුදා ගත්හ.

දළදා මාළිගාව වැද පුදා ගැනීමෙන් පසුව නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත එසේ පැවසීය.

නාමල් රාජපක්ෂ මහතා ඉන්පසුව මල්වතු මහා නායක ස්වාමීන්වහන්සේ, දිවුල් කුඹුරේ නායක ස්වාමීන්වහන්සේ, නියංගොඩ අනුනායක ස්වාමීන්වහන්සේ සහ අස්ගිරි මහනායක හිමියෝ මෙන්ම අනුනාහිමිවරු බැහැදැකීමට එම විහාරස්ථාන වෙත ගියේය.

ඉන්පසුව ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණ ආශීර්වාද ලබාගත් නාමල් රාජපක්ෂ මහතා කටුකැලේ හින්දු කොවිලට පැමිණීම ආශීර්වාද ලබාගත්තේය.

රාජපක්ෂ මහතා ඇතුළු පිරිස කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියට පැමිණ එහිදී ද ආශීර්වාද ලබා ගත්තේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka