ඇමති කංචනගේ බුද්ධි ඒකකයේ වැරදි අනාවැකියක් නිසා වැඩි මිලට තෙල් ගන්න වෙයි!
වාණිජ බුද්ධි ඒකකයක් ලෙසින් පිහිටුවාගත් තෙල් සංස්ථාවේ ඒකකයක නිලධාරීන්ගේ වැරදි අනාවැකියක් නිසා බොරතෙල් ගෙන්වීමේදී ඇමරිකන් ඩොලර් මිලියනය ඉක්මවන පාඩුවක් දරන්නට රජයට සිදුවී ඇත.
අගෝස්තු මාසයේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යනු ඇතැයි ඇමැතිවරයා විසින් පත් කරන ලද බුද්ධි ඒකකය ලබාදුන් වැරදි අනාවැකියක් නිසා මෙම පාඩුව දරන්නට සිදුවී ඇතැයි තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.
අගෝස්තු මාසයේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යනු ඇතැයි වැරදි පුරෝකතන කළද ජූලි මාසයේදී ඩොලර් 83.93ක් වූ බොරතෙල් බැරලය අගෝස්තු මාසයේදී ඩොලර් 82.52 දක්වා පහළ බැස ඇත.
මේ අනුව අගෝස්තු මාසයේදී බොරතෙල් මිල ඉහළ යනු ඇතැයි සංස්ථාවේ බුද්ධි ඒකකයක් වැරදි බුද්ධි වාර්තා ලබාදී බොරතෙල් නැවක් ගෙන්වීම නිසා ඩොලර් මිලියනයකට අධික පාඩුවක් දරන්නට සිදුවී ඇත. මෙම පුරෝකතන ලබාදී හදිසියේම බොරතෙල් නැවක් මෙරටට ගෙන්වා ඇත්තේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබියදීය.
ඇමති කංචනගේ බුද්ධි ඒකකයේ වැරදි අනාවැකියක් නිසා වැඩි මිලට තෙල් ගන්න වෙයි!
2024-08-20T07:51:00+05:30
Gossip Lanka Hot News





