ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම සහ රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් මේ වනවිට බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් හතර දෙනා දිවි නසා ගැනීමේ තත්ත්වයකට සහ දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණදී ඇති බැවින් වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කර ඇප ලබාදෙන ලෙස එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා ඇත.
ඒ අනුව පළමු සැකකරු සුදත් ජානක, හත්වන සැකකරු රත්නකුමාර හේරත්, අටවැනි සැකකරු හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, 12 වන සැකකරු විජිත් ගුණසේකර යන අය වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අවසර ඉල්ලා ඇති අතර මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊට අදාළ ඉල්ලීම් මෝෂන් පත්‍රයක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.
සැකකරුවන් හතර දෙනා හෘද රෝග, මානසික රෝග, පිළිකා රෝග, කායික රෝග සහ ආමාශ රෝගවලින් පෙළෙන බැවින් ඒ සම්බන්ධයෙන් වන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කරන ලෙසට එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා ඇත.