පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණගල මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පරිගණක අපරාධ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගෙන් අප මේ පිළිබඳ කළ විමසුමකදී පවසා සිටියේ මැතිවරණ සම්බන්ධ දූෂණයක් සඳහා මෙම ව්‍යාජ වෙබ් අඩවිය සකස් කර ඇති බවට සැක කරනා නමුත් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.