“රෙදි හෝදන චමුදිතයා ඉවරයක් කරන්න” - ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත ඝාතනය සැළැස්මක්!
ඩුබායි හි සැඟව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනා පිරිසක් තමා ඝාතනය කිරීමට සාකච්ඡා පවත්වා ඇති බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින් පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
චමුදිත සමරවික්‍රම මහතා එම පැමිණිල්ලේ වැඩිදුරටත් දක්වා ඇත්තේ දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතාද ඒ බව සඳහන් කරමින් වීඩියෝවක් නිකුත් කර ඇති බවයි.
ඩුබායි සැඟව සිටිනා එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ඉකුත් 21 වෙනිදින එම සාකච්ඡාව පවත්වා ඇති බවට ඔහුගේ පැමිණිල්ලේ සඳහන් වේ.
ඩුබායිහි සිටිනා නාමල් කුමාරගේ ශ්‍රී ලාංකික තොරතුරුකාරියක් විසින් එදිනම රාත්‍රී දුරකථනයෙන් දැනුම් දී ඇති පරිදි “රාජපක්ෂලාගේ රෙදි හෝදන්නේ චමුදිතයා ඒ නිසා ඕකව ඉවරයක් කරලා දාන්න ඕන” යනුවෙන් එම සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන්.
එමෙන්ම ඊට අදාල තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදීමට නාමල් කුමාර සූදානමින් සිටින බවට ද එම පැමිණිල්ලේ දැක්වේ.
එම පැමිණිල්ලට අමතරව චමුදිත සමරවික්‍රම මහතා මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් කීපදෙනකුටද දුරකථනයෙන් දැනුම්දුන් බව වාර්තා වේ.
“රෙදි හෝදන චමුදිතයා ඉවරයක් කරන්න” - ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත ඝාතනය සැළැස්මක්!
2024-08-24T08:50:00+05:30
Gossip Lanka Hot News






