මහින්ද යුද්දෙ දින්න එකට කලගුණ සලකන්න නාමල් ජනාධිපති කරන්න - චමල් රාජපක්ෂ
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට කළගුණ සැලකීමක් ලෙස ඔහුගේ පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා දෙන්නැයි ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් නායකයා බවත් ඔහු මෙරට විශාල වශයෙන් සංවර්ධනය වැඩකටයුතු රාශියක් කර ඇති බවත් හෙතෙම පැවසීය.
ඒවාට කලගුණ සැලකීමක් ලෙස ඉදිරි ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කරන්නයි ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන නියෝජිත පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.
මහින්ද යුද්දෙ දින්න එකට කලගුණ සලකන්න නාමල් ජනාධිපති කරන්න - චමල් රාජපක්ෂ
2024-08-14T14:05:00+05:30
Gossip Lanka Hot News






