gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල් පැරදුනොත් අපි හැමෝම සමූළ ඝාතනය වෙනවා..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් මෙරට ජනාධිපති දුරට පත් නොවුනහොත් අප සියලු දෙනා සමූල ඝාතනය වීම වැළැක්වීමට නොහැකි බව ටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන ලද ජනරැළියක් අමතමිනි.

ඔහු එහිදී මෙසේද කියා සිටියේය.

‘අර්බුදයෙන් එළියට යනවාද, එහෙම නැත්නම් රට යළිත් අර්බුදයකට ගෙනයනවාද කියා කල්පනා කළ යුතුයි.

අද වන විට බංග්ලාදේශයේ තත්ත්වය ඉන්දුනීසියාවට පමණක් නොව මාලදිවයිනටත් පැතිර ගිහින්.

ජවිපෙ කාර්යාල අද රට පුරාම ජන රැලිවලට රට වටෙන්ම බස්වලින් ගේනවා. දවසකට බස් වලට විතරක් ලක්ෂ ගණන් වියදම් කරනවා. ඔවුන්ට මෙතරම් සල්ලි කොහෙද? මේ සල්ලි දෙන්නේ මේ රට යළිත් අර්බුදයකට ඇද දැමීමට උත්සාහ කරන බලවේගයි. ඒ බලවේග  ශ්‍රී ලංකාව ගොඩනැගෙනවාට කැමති නැහැ.

ඒ නිසා ජවිපෙට ඕනෑතරම් සල්ලි වියදම් කරනවා. ඒ නිසා අපි රටක් විදිහට සාමූහිකව මැරී වැටිය යුතු නැහැ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ නායකත්වයට යළිත් පත් නොවුණහොත් අප සියලු දෙනා සමූල ඝාතනය වීම වළවන්න බැහැ.’
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka