gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පොලිස් ඇමතිකම ගැන උනන්දු වෙන එක ගැන තේරුම් ගන්න පුලුවන්… හිරකාරයින්ට ජනාධිපති සමාව ගන්න ඒ ඇමතිකමත් වැදගත් වෙනවා… අනුර හිරු මාධ්‍යවේදියාට උත්තර දෙයි. ( වීඩියෝ සහිතයි)

එක්තරා මාධ්‍ය නාලිකාවක් එස්.එම්.එස්. පණිවිඩයක් ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් වෙත යවා ඔවුන් හරහා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක පොලිස් ඇමතිවරයා ලෙස ලාල් කාන්ත පත් කරන්නේ දැයි විමසා සිටීමට අදාල විමසිලිමත්කම සාධාරණ බවත් බොහෝ විට එම අමාත්‍යාංශය වැදගත් වන්නේ සිරකරුවන්ට ජනාධිපති සමාව ලබා ගැනීමට බැවින් එම නාලිකාව මේ ප්‍රශ්නය විමසීම තේරුම් ගත හැකි බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (16) පැවසුවේය

ඔහු මේ බව ප්‍රකාශ කළේ මීරිගම කඳන්ගමුව ශ්‍රී විද්‍යාවාස පිරිවෙන් මහා විහාරස්ථානයේදී රාමඤ්ඤ මහ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙන අවස්ථාවේ දී හිරු මාධ්‍ය නාලිකාවේ මාධ්‍යවේදියා ජාතික ජන බලවේග ආණ්ඩුවේ පොලිස් ඇමතිකම ලාල් කාන්ත වෙත ලබා දෙන්නේ දැයි අසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ජාතික ජන බලවේගයේ අනාගත ආණ්ඩුවක වගකීම් පැවරිම සම්බන්ධව තවම සාකච්ඡා කරමින් සිටින බවත් ඉදිරියේ දී එය ප්‍රකාශ කළ හැකි බවත්ය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka