මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ලෙස “ගෑස් සිලින්ඩරය” ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදී තිබේ. ඒ අනුව, ගෑස් සිලින්ඩරය ලකුණින් ඔහු මෙවර මැතිවරණයට ඉදිරිපත් වනු ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස අද (15) නාමයෝජනා භාරදුන්නේය.
මේ වසරේ සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරග කිරීමට සුදුසුකම් ලබා සිටින අපේක්ෂකයින් 39 දෙනා අතරට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාද ඇතුළත් වේ.
රනිල් වික්රමසිංහ මහතා මීට පෙර ජනාධිපතිවරණ දෙකකට මුහුණ දී ඇති අතර එම මැතිවරණ දෙකෙන්ම ඔහු පරාජයට පත්විය.
1999 ජනාධිපතිවරණයට තරඟ කළ රනිල් වික්රමසිංහ මහතා චන්ද්රිකා කුමාරතුංග මහත්මිය හමුවේ පරාජයට පත්වූ අතර 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ පරාජයට පත්විය.
ෆොන්සේකා ‘ලන්තෑරුමෙන්’ ජනපති සටනට
ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය ඡන්ද ලකුණ ප්රකාශයට පත්කර තිබේ.
ඒ අනුව ඔහු ‘ලන්තෑරුම’ ලකුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට තරග වදිනු ඇත.