ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා තමන් ඉලක්ක කර මරන තර්ජනයක් සිදු සිදුකර ඇති බව ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ මහතා සඳහන් කරයි.
වසන්ත සමරසිංහ මහතා විසින් එසේ මරණ තර්ජනය කරන හඬපට සමාජ ජාලා වන්නේ ප්‍රචාර වෙමින් පවතින බවත් ඒ හරහා තමන්ගේ ජීවිත ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල වී ඇති බවත් හෙතෙම කියා සිටී.
ඉදිරි මැතිවරයෙන් පසු ගනුදෙනුව බේරාගන්නා බවත් හඩ්ඩලාට රට පනින්නට ඉඩ නොදෙන බවත් පවසන වසන්ත සමරසිංහ මහතා රට පැන්නත් එම රටවල සිටින මාලිමාවේ මිනිසුන් ඔවුන් ගැන බලාගනු ඇති බවත් අදාළ වීඩියෝවේ සඳහන් වෙයි.
ලෝකයේම සිටින ශ්‍රී ලාංකිකයන් මාලිමාව සමඟ අත්වැල් බැඳගෙන සිටිද්දී හඩලාට සිදුවන්නේ හඳට පැනයාමට බවද සමරසිංහ මහතා එහිදී තවදුරටත් සඳහන් කර ඇත.