gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"ඩුබායිවලින් ආපු ලක්‍ෂ 10ක කොන්ත්‍රාත්තුවකට ක්ලබ් වසන්ත මරන්න මම උදව් කළා.." - ටැටූ ආයතනයේ හිමිකරු පාපෝච්චාරණය කරයි

අතුරුගිරිය ප්‍රදේශයම භිතියට පත්කළ වෙඩි තැබීමේ සිද්ධියේ තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 'සුරේන්ද්‍ර වසන්ත පෙරේරා' නොහොත් 'ක්ලබ් වසන්ත' ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවමින්, සිව්දෙනෙකුට තුවාල වු වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 'ටැටු ආයතනයේ' හිමිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්නකිරීම්වලින් අනාවරණ වී ඇත්තේ ඩුබායි රාජ්‍යයෙන් ලද කොන්ත්‍රාත්තුවකට අනුව 'ක්ලබ් වසන්ත' නමැති ව්‍යාපාරිකයා සිය ආයතනය විවෘත කිරීමේ උත්සවයට ගෙන්වා ගත් බවයි.

ඒ සඳහා ඔහුගේ බැංකු ගිණුමට ඩුබායිවලින් රුපියල් දසලක්‍ෂයක් බැරවී තිබූ බව ද විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

''ඩුබායිවලින් ආව කන්ට්‍රෑක්ට් එකට ක්ලබ් වසන්ත මරන්න මං උදව් කළා.. ඒ ප්ලෑන් එකට අනුව තමයි ටැටූ ෂොප් එකේ විවෘත කිරීමේ උත්සවයට වසන්තව ගෙන්නලා එයාව මරන සැලසුම ක්‍රියාත්මක කළේ.. ඒ වෙනුවෙන් මට ඩුබායිවලින් රුපියල් ලක්‍ෂ 10ක මුදලක් ලැබුණා..” යැයි ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇති බව සඳහන්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka