gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

යුක්රේනයේ ළමා රෝහලකට මිසයිල ප්‍රහාරයක්... විශාල පිරිසක් මරුට!

රුසියානු හමුදාව විසින් යුක්රේ‍නයේ කීව් අගනුවර ස්ථාන කීපයක් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු මිසයිල ප්‍රහාරයෙන් ළමා රෝහලක් අර්ධ වශයෙන් විනාශ වී ඇති අතර භීතියට පත් රෝගීන් සහ ඔවුන්ගේ ජීවිත බේරාගැනීම දිවගොස් ඇති අතර තවත් පුද්ගලයින් සුන්බුන් යට සිරවී සිටින බව නිලධාරීන් සදහන් කරයි.

එම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් තවත් 170 දෙනෙකුට තුවාල සිදුව ඇති බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සදහන් කරයි.

මිසයිල ප්‍රහාරයෙන් විනාශ වූයේ ඔහ්මට්යාඩ් නමැති ළමා රෝහල් ගොඩනැගිල්ල වන අතර පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන සහ ඉන්ද්‍රයන් බද්ධ කිරීම් සිදු කරන කීව් අගනුවර ප්‍රධාන පෙළේ රෝහලක් ලෙස ඔහ්මට්යාඩ් ළමා රෝහල සැලකෙයි.

මියගිය සංඛ්‍යාවට ළමුන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 27 දෙනෙකු මිය ගිය බවත් මහා පරිමාණ බෝම්බ ප්‍රහාර අගනුවර මෙන්ම Dnipro, Kryvyi Rih, Slovyansk සහ Kramatorsk යන ප්‍රදේශවලට පහර දුන් බව කියෙව් නගරයේ හමුදා පරිපාලනය සදහන් කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka