gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“ශ්‍රී ලංකා ක්‍රිකට් එක්තරා කණ්ඩායමක් පාලනය කරනවා” - අලි සබ්රිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

එක්තරා කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරනු ලබන බවත් ඔවුන් එය සිය බලකොටුවක් ලෙස එය පවත්වාගෙන යන බවද විදේශ අමාත්‍ය අලි සබ්‍රි සදහන් කරයි.

එනිසා ක්‍රිකට් ආයතනයට නව නීති හඳුන්වාදී එහි පරිපාලනය විධිමත් කිරීම තුළින් ක්‍රිකට් ක්ෂේත්‍රයේ ගැටලු රැසක් විසඳිය හැකි බවද අමාත්‍ය අලි සබ්‍රි සදහන් කරයි.

අමාත්‍ය අලි සබ්‍රි තවදුරටත් සදහන් කළේ,

” මම හිතන්නේ කාලයක් පුරාවට ක්‍රිකට් පාලනය කරනු ලැබුවේ එක්තරා කණ්ඩායමක් විසින්. ඔවුන් සමස්ත ක්‍රිකට් ක්‍රීඩාව ඔවුන්ගේ බලකොටුවක් ලෙස පවත්වාගෙන කටයුතු කළා. උදාහරණයක් ගත්තොත් මිලියන 22ක් ජනතාව අතුරින් 9 ශ්‍රී.ලංකා ක්‍රිකට් පරිපාලනයට ඡන්ද 147ක් තිබෙනවා.

ඉන්දියාවේ බිලියන 1.5ක ජනතාවක් අතුරින් ඡන්ද ඇත්තේ 38ක ප්‍රමාණයක්. බ්‍රිතාන්‍යයේ මිලියන 60කට ආසන්න ජනතාවක් අතුරින් ඡන්ද ඇත්තේ 18ක් පමණවන සංඛ්‍යාවක්. ඔබට පේනවා ඇති මෙතන කුමක් හෝ වැරැද්දක් ඇති බව.

නමුත් ඔබ මේ පිළිබඳව ක්‍රිකට් ආයතනයෙන් විමසුවහොත් මේ පිළිබඳව ඔවුන් කිසිවිටකත් කිසිදෙයක් කරන්නේ නැහැ. මම හිතන්නේ දැන් නීති හඳුන්වාදෙමින් මේ සම්බන්ධයෙන් මැදිහත්වීමට කාලය පැමිණ තිබෙනවා.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ට, තාක්ෂණික නිලධාරීන්ට මෙන්ම විවිධ ක්‍රිකට් සමාජ සහ කණ්ඩායම් එක්ව නව පරිපාලනයක් ඇතිකිරීම හරහා මෙය පවත්වාගෙන යාමට එක්විය යුතුයි. මෙය තවදුරටත් විධිමත් ආයතනයක් බවට පත්කළ යුතුයි.

එවිට එහි අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් සිටින පුද්ගලයින්ට ගත හැක්කේ ප්‍රතිපත්තිමය තීරණ පමණයි. ඔවුන් පත්කරනු ලබන විධායක නිලධාරීයෙකු හරහා මෙම ආයතනය පත්වාගෙන යා යුතුයි.”

සිංගප්පුරුවේදී රොයිටර් පුවත් සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka