gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පැවිදි දිවියට සමු දුන් ගම්පහ මහානාම හිමි ක්ලබ් වසන්තට එල්ලකළ වෙඩි පහරේ ගොදුරක්ව නයන වාසුල එදිරිසූරිය ලෙස අවසන් ගමන් ගිය හැටි!

ක්ලබ් වසන්ත සමග වෙඩි පහරට ලක්ව මිය ගිය නයන වාසුල එදිරිසූරිය මීට වසර දෙකකට පෙර දක්වා වසර 18ක් තිස්සේ ගම්පහ මහානාම නැමති ප්‍රකට ධර්මදේශක හිමි නමක් බවත් පසුව උපවැදි වී ප්‍රකට ගායිකා කේ. සුජීවා සමග සමීප ඇසුරක් සහිතව ජීවත් වූ බවත් ගම්පහ මිරිස්වත්ත නිසලවිල සදහම් විහාරයේ විහාරාධිපති ජූජ්‍ය අඹන්පොල ඤාණතුසිත හිමියෝ සඳහසන් කරති.

නෙත් එෆ්.එම් බැලුම්ගල වෙත අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ තමන්වහන්සේ සමගම පැවිදි ජිවිතයට පැමිණ තමන්වහන්සේ සමගම උපසම්පදා වී පැවිදි ජීවිතය ඉතාම යහපත් ලෙස ගත කළ ගම්පහ මහානාම හිමි ඉතාම වැදගත් ලෙස උපවැදි වී පන්සලේ සියලු වත්කම් නීත්‍යානුකූලව භාර දී පැවිදි දිවියට සමු දුන් බවය.


ගම්පහ මහානාම හිමි ලෙස විචිත්‍ර ධර්ම කථිකයෙක් සේ ගත කළ අවධිය…

ගම්පහ මහානාම හිමි අමරපුර නිකායේ කල්‍යානවංශ නිකායේ හිමි නමක් බවත්, එම නිකායට අයත් පන්සලක්වන රුවන්වැල්ල ගෝණගල්දෙණියේ දම්සක් විහාරයේ විහාරාධිපතිව වැඩ සිටි උන්වහන්සේ විචිත්‍ර ධර්ම කථිකයෙක් බවත් ඤාණතුසිත හිමියෝ කීහ, මාධ්‍ය ඔස්සේ ධර්ම දේශනා කරමින් ශ්‍රාවක ප්‍රසාදයට පත්ව ඉතාම ඉහළ තැනක සිටි ගම්පහ මහානාම හිමි කවියෙක් මෙන්ම ගීත රචකයෙක් ලෙස ද සිය හැකියාව ප්‍රකට කළ බව උන්වහන්සේ සිහි කළහ.

මේ අතර ගම්පහ මහානාම හිමි සහ කේ.සුජීවා සමග සමීප සම්බන්ධතාවයක් ගොඩනැගී තිබුණු බව කී ඤාණතුසිත හිමි ඒ බැඳීමත් සමග හෙතෙම ලෞකික ජීවිතය තෝරාගෙන කොවිඩ් වකවානුව අවසන්වන විට ඉතාම වැදගත් ලෙස පන්සලේ උපවැදි වූයේ මහන ජීවිතයෙන් පන්සලට ලැබුණු සියලු වත්කම් නිකායට භාර දී උපවැදි වූ බවය.

උපවැදි වනවට ධර්ම දේශනා කිරීමෙන් ගම්පහ මහානාම හිමිට ලැබුණු පුද්ගලික වත්කම් ප්‍රමාණයක් තිබුණු බව ඤාණතුසීත හිමියෝ කියති. පැවිදි සමයේ මහානාම හිමි බී.එම්.ඩබ්ලියු රථයක් භාවිත කළ බවත් තමන් බණ දේශනා කරමින්  උපයාගත් වත්කම් පමණක් උපවැදි වනවට රැගෙන ගිය බවත් කී එම හිමියන් නයන වාසුල ලෙස ගිහි ජීවිතය ගත කිරීමට අවශ්‍ය පදනම් වත්කම වූයේ එම මුදල බව ද පෙන්වා දුන්හ.

කේ.සුජීවා අවසානවරට ගායනා කරන සිංදුවේ පද රචනාව කර තිබුණේ නයන වාසුලය. ඔහු ඇය සමග සිය ලෞකික ජීවිතය ආරම්භ කර තිබිණි. ටැටූ කලා මධ්‍යස්ථානයක් විවෘත කිරීමට හෙතෙම අතුරුගිරියට සිද්ධිය වූ ස්ථානයට යන්නේ සුජීවාට ලද ආරාධනය අනුවය.

එහිදී නයන වාසුල නිරපරාද ගොදුරක් වන්නේ ක්ලබ් වසන්ත ඉලක්ක කරගත් ඝාතකයින්ගේ වෙඩි පහරට ය. නෙත් එෆ්.එම්. බැලුම්ගල නයන වාසුල ගැන කියන කතාව එසේය.

මේ තරුණය පුද්ගලයා පිළිබඳව ගෞරවයක් අප තුළ ඇත. පැවිදි ජීවිතයේ සිවුරට මුවා වී සියලු බලුකම් කරන ශාසනභාරධාරින් අපි දකිමු. ඒ අතරේ තමන්ට උචිත දිවිය එක් අරමුණකින් යුතුව තෝරාගැනීමේ පෞරුෂයක් පැවිදි ජිවිතය ගත කළ ගම්පහ මහානාම හිමිට තිබිණි. නයන වාසුල ලෙස සිය ගිහි ජීවිතය ගතකරමින් සිටි ඔහු සමාජයට අවැඩැක් නොකළ මනුෂ්‍යයෙක් ලෙස මේ අකල් මරණයට ගොදුරු වී අවසන් ගමන් යන්නේය.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka