ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා විසින් හිටපු ප්‍රවීණ සිංහල භාෂා උපකාරක පංති ගුරුවරයෙක් වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාට දුරකථන ඇමතුමක් ලබාදී ජනාධිපතිවරණයේ මඩ ව්‍යාපාරයක් සඳහා සිදුකළ ආරාධනාවක ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සන්නස්ගල මහතා විසින් අනාවරණය කර ඇත.
සන්නස්ගල මහතා පවසා සිටින්නේ තමාට ඇමතුමක් ලබා දුන් සමන් රත්නප්‍රිය විසින් ජනාධිපතිවරණය සඳහා වැඩකටයුතු පටන් ගත් බවත් කොල්ලූපිටියෙහි ආරම්භ කෙරෙනා නව කාර්යාලයක පැවැත්වීමට නියමිත මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සන්නස්ගල මහතාට පැමිණෙන ලෙසත් ආරාධනා කළ බවයි.
එහිදී තමා පැමිණෙන්නේ කුමකටදැයි විමසූ විට දේශපාලන මොහොත මෙය බවත්, දේශපාලන කටයුතු නැවත ආරම්භ කර ඇති බවත් රත්නප්‍රිය මහතා පවසා ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සන්නස්ගල මහතා සිදුකළ විවේචනයක වීඩියෝ පටයක් තමා නැරඹූ බවත් එය එම මාධ්‍ය සාකච්ඡාවට පැමිණ නැවත ප්‍රකාශ කරනා ලෙසටත් තමාගෙන් ඉල්ලූ බව සන්නස්ගල මහතා පවසයි.
සන්නස්ගල මහතා පවසා සිටින්නේ සමන් රත්නප්‍රිය 2015 මැතිවරණයෙන් පසුව මේ තමාට ඇමතූ පළමු අවස්ථාව බවයි.
සමන් රත්නප්‍රිය විසින් තමා වෙත සිදුකළ යෝජනාව ඉතා පිළිකුලෙන් යුතුව තමා බැහැර කළ බවත් රත්නප්‍රිය මහතාගේ දුරකථන ඇමතුම පටිගත වන බවට ඔහු දැනුවත් කළ පසුව ඔහුගේ ස්වරය වෙනස් වී නිරුත්තර වූ බවත් සන්නස්ගල මහතා අනාවරණය කර සිටී.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වීඩියෝව.