පියුමි හංසමාලි උසාවි යයි.. පොලිස්පති ඇතුළු නිලධාරීන් රැසක් වගඋත්තරකරුවන් වෙයි!
ප්‍රසිද්ධ නිරූපිකා පියුමි හංසමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් සිදු කරන විමර්ශන අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇය අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ.
පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බව වාර්තා වේ.
එම පෙත්සම මඟින් පෙන්වාදී ඇත්තේ තමන්ට එරෙහිව විමර්ශන සිදු කරන ආකාරය යුක්ති සහගත නොවන බවත් ඉන් තමන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවත්ය.
පියුමි හංසමාලි උසාවි යයි.. පොලිස්පති ඇතුළු නිලධාරීන් රැසක් වගඋත්තරකරුවන් වෙයි!
2024-07-10T20:22:00+05:30
Gossip Lanka Hot News






