gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පියුමි තවත් අමාරුවේ... සුදුවෙන ක‍්‍රීම් රෙජිස්ටර් නෑ... ගාපු අයටත් අබ සරණයි

නිරූපන ශිල්පිනියක වන පියුමි හංසමාලි ප්‍රවර්ධනය කරනු ලබන සම සුදු කිරීමේ ආලේපන ඇතුළු රූපලාවන්‍ය නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. මේ වනවිට පියුමි හංසමාලි ප්‍රවර්ධනය කරනු ලබන සම සුදු කිරීමේ ආලේපනයට වෙළඳපොළ තුළ විශාල ජනප්‍රියත්වයක් හිමිව තිබෙන බව ආරංචි මාර්ග පැවැසුවේය.

පියුමි හංසමාලි ප්‍රවර්ධනය කරනු ලබන සම සුදු කිරීමේ ආලේපන ඇසුරුම රුපියල් 35,000 වටිනා බව ඇය මෑතකදී ප්‍රකාශ කළ බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

 ශ්‍රී ලංකාව ලංකාව තුළ රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනය කිරීමට නීතිමය රාමුවක් හෝ ඒ සඳහා පනතක් නොමැති බවද ආරංචි මාර්ග පැවැසුවේය. ලියාපදිංචි නොකළ නිෂ්පාදනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට එය බාධාවක්වී තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම පිළිබඳ අදහස් දක්වමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ මහතා ප්‍රකාශ කර සිටියේ සමස්තයක් ලෙස සම සුදු කිරීමේ ආලේපන සම්බන්ධ ගැටළු පිළිබඳ විශාල පැමිණිලි සංඛ්‍යාවක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලැබෙන බවයි.

පාරිභෝගික ආරක්ෂාව සහතික කිරීම සඳහා රූපලාවන්‍ය නිෂ්පාදන ස්වේච්ඡාවෙන් ලියාපදිංචි කිරීමට ඒවා ප්‍රවර්ධනය කරන්නන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය දිරිමත් කරන බවද වෛද්‍ය සේමගේ මහතා පැවැසුවේය.

සම සුදු කිරීමේ ආලේපන භාවිත කිරීමෙන් සෞඛ්‍ය ගැටලු පවා මතුවීමට ඉඩ ඇති බැවින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති රූපලාවන්‍ය නිෂ්පාදන විශේෂයෙන් සම සුදු කිරීමේ ආලේපන භාවිත කිරීමෙන් වැලකී සිටින ලෙස සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.

කෙසේ වෙතත් මේ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා පියුමි හංසමාලි සහ ලොලීයා ස්කින් කෙයාර් ආයතනය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඒ සියලු උත්සාහයන් අසාර්ථක විය.


– Lankadeepa


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka