හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් පසුගිය ජුනි 19 වැනිදා රුපියල් මිලියන 05ක් සහ පසුගිය ජුනි 26 වැනිදා රුපියල් මිලියන 15ක් ලෙස රුපියල් මිලියන 20ක මුදලක් ‘පාස්කු ප්‍රහාරය අප්‍රේල් 2019 – වින්දිත අරමුදල’ යන නමින් ස්ථාපිත අරමුදල සඳහා බැර කර තිබේ.
මේ වනවිට හේමසිරි ප්‍රනාන්දු විසින් ගෙවීමට නියමිත රුපියල් මිලියන 50ක මුදලින් අවස්ථා 6දී රුපියල් මිලියන 26ක් ගෙවා අවසන් කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අවස්ථා 03කදී රුපියල් මිලියන 43ක් අරමුදල වෙත බැර කර ඇති අතර, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර රුපියල් 1,725,588.87ක්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන රුපියල් මිලියන 4.1ක්ද මේ වනවිට ගෙවා අවසන් බව පැවසේ.
පාස්කු ප්‍රහාරය සඳහා චෝදනා ලැබූ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාද පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලෙස ගෙවීමට නියමිතව තිබූ රු.මි.10ක මුදල මේ වන විට ගෙවා අවසන් කර ඇත.
මේ වනවිට, මෙම අරමුදල සඳහා රුපියල් 84,825,588.87ක මුදලක් බැරවී ඇති බව වාර්තා වේ.