gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව ඉවත් වුනේ රනිල් ශක්තිමත් කරන උපායකට?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීම දුර්වල රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් කිරීම සදහා සිදුකරණ ලද ක්‍රියාවක් දැයි සැක මතුවන බව පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය විධායක සභික නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කරනු ලැබුවේ අද (30) උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන්‍ සර්වජන බලය සන්ධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුව හා එක් වෙමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේ ද පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට සහාය දෙන්න කියලා ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එවූ ලිපිය එම පෙරමුණ විසින් ප්‍රතික්ෂේප කරමින් එම පෙරමුණෙන් ද වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා තීරණයක් අරන් තියෙනවා.

මේක දුර්වල රනිල් තවදුරටත් දුර්වල කරන්න කරපු දෙයක්ද එහෙමත් නැත්නම් දුර්වල රනිල්ව ශක්තිමත් කරන්න කරපු දෙයක්ද කියලා සාධාරණ සැකයක් අපිට තියෙනවා.

රාජපක්ෂවරුන් ආණ්ඩුවේ සිටීම තමයි දෙමළ ඊලම වෙනුවෙන් පෙනී සිටින දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තියෙන ලොකුම බාධාව. ඒ වගේම කොවිඩ් කාලයේ මුස්ලිම් මෘත දේහයන් පිලිස්සීමට කටයුතු කළ රාජපක්ෂවරු ආණ්ඩුවේ සිටීම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහාය දැක්වීමට සමහර මුස්ලිම් පක්ෂ වලට තිබිච්ච බාධාව. ඒ වගේම සමගි ජන බලවේගයට එකතුවෙලා ඉන්න පිරිස් රනිල් වික්‍රමසිංහ මහත්තයව අතෑරියේ ඔහුට දිනන්න බෑ කියලා මිසක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති රටට හානි කරයි කියලා නෙවෙයි. මෙලෙස ඉවත් වුණු සජබයේ අයට නැවත රනිල් වික්‍රමසිංහ මහතා ගාවට යන්න තිබිච්ච බාධාව තමයි රාජපක්ෂවරුන් රනිල් වික්‍රමසිංහ මහතා සමග සිටීම. ඒ නිසා රාජපක්ෂවරුන් රනිල් වික්‍රමසිංහ මහතාට යම් ප්‍රමාණයක ශක්තියක් ලබාදීම සඳහා මේ ඉවත්වීම සිදුකළාද කියන එකත් වීමට ඉඩක් තියෙනවා.


මේ ජනාධිපතිවරණයට කවුද ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා, සජිත් ප්‍රේමදාස මැතිතුමා, අනුර කුමාර දිසානායක මැතිතුමා, විජයදාස රාජපක්ෂ මැතිතුමා, සරත්න්සේ ෆොන්සේකා මැතිතුමා, මේ පස්දෙනාගේ තිබෙන මහ පොදු සාධකය මොකක්ද ? මේ පස්දෙනාම යහපාලනයේ නායකයො. මොකද අනුර කුමාර දිසානායක මහත්තයාත් යහපාලන ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවේ ප්‍රධානියෙක්. අද ජනාධිපතිවරයයි අනුර කුමාර දිසානායක මහතයි, දෙපැත්තට කියව ගන්නවා තාම පයිල් අපි ගාව තියෙනවා කියලා.


යහපාලන ආණ්ඩුවේ අධිකරණ සහ ආගමික කටයුතු අමාත්‍යවරයා තමයි විජයදාස රාජපක්ෂ මහත්තයා. යහපාලන ආණ්ඩුවේ වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා තමයි සරත් පොන්සේකා මහත්තයා. යහපාලන ආණ්ඩුවේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ යහපාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා. මේ පස්දෙනාම නියෝජනය කරන්නේ ලක්ෂ හැට නමයක් ජනතාව එකට එකතු වෙලා පරාජය කරපු යහපාලන ආණ්ඩුව. මේ අය කණ්ඩායම් පහකට බෙදිලා ආවත් එකම මතවාදයක් තමයි නියෝජනය කරන්නේ. මේ අයගෙන් කෙනෙක් ඊළඟ ජනාධිපතිවරයා විය යුතු නම් අපරාදෙනේ 2019 දී 69 ලක්ෂයක් ජනතාව එකතු වෙලා මේගොල්ලන්ගේ ආණ්ඩුව පරාජයට පත් කළේ. ඔන්න ඔහේ කරගෙන යන්න ඉඩ දෙන්න තිබ්බා.


එදා යහපලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති රටට ජනතාවට හානි කරයි කියලා ආණ්ඩුව පරාජයට පත් කිරීමේ මෙවලමක් විදිහට ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන්න හැට නම ලක්ෂයක් ජනතාවගේ සිතුම් පැතුම් බලාපොරොත්තු සහ අපේක්ෂාවන් ඉටු කරන්න හැකි අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට මෙතෙක් ඉදිරිපත් වෙලා නෑ.


ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරන්න ගිහිල්ල ඒ ආණ්ඩුව කඩාගෙන වැටුණා නම්, ලක්ෂ 69කගේ බලාපොරොත්තු වැරදි, ඒවා අමතක කරලා දාලා ඊට කලින් තිබුණු යහපාලන ආණ්ඩුවට සහාය දීම සාධාරණයි කියලා කියන්න තිබුණා. නමුත් සෞභාග්‍යයේ දැක්මට පටහැනිව කටයුතු කිරීම නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අසාර්ථක වුණේ.


ඉන්දියාවට දෙන්නෑ කියපු නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න හදපු නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව ජනතාව නැගී සිටියේ. ද්විත්ව පුරවැසියන්ට මේ රටේ ඡන්දය ඉල්ලීමේ අයිතිය දෙනවා කියලා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියේ නෑ. නමුත් ඒ ආණ්ඩුව ආපු ගමන්ම විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ඒ දේ කරන්න හදපු නිසයි ආණ්ඩුව ඇතුලෙන්ම ආණ්ඩුවට එරෙහි රැල්ල ආරම්භ වුණේ. ඒ වගේම වංචාවට දූෂණයට විරුද්ධව මහා හඬින් හඬ නගපු සෞභාග්‍යයේ දැක්මට පටහැනිව ගිහිල්ලා ටෙන්ඩර් කැඳවලා සැපයීම සඳහා සමාගමක් තෝරාගෙන තිබියදී බැසිල් රාජපක්ෂ මහතාගේ වුවමනාවට ඇමරිකාවේ නිව් පෝට්‍රස් සමාගමට ටෙන්ඩර් පටිපාටියෙන් පරිබාහිරව අමාත්‍ය මණ්ඩල තීන්දුවකින් ගෑස් සැපයුම දෙන්න හැදුවේ.


ඉහත කාරණා නිසා තමයි ආණ්ඩුව ඇතුලෙන් පුපුරා ගිහිල්ලා ආණ්ඩු දුර්වල වෙලා අවසානයේ බිඳවැටීම සිද්ධ වුණේ. සෞභාග්‍යයේ දැක්ම මේ මහ පොළොවේ ක්‍රියාත්මක කළා නම් දේශීය ආර්ථිකය සවිමත් කරන වැඩපිළිවෙළකට ගියා නම් ඒ වියසනය ඒ ආණ්ඩුවට සිද්ධ වන්නේ නෑ.


ඒ අනුව හැට නම ලක්ෂයක් ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් අනිවාර්යෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි කියන මතයේ අපි ඉන්නවා.


– Media unit
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka