මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙස කටයුතු කරන ලද මාධ්‍යවේදී කුමාරසිරි හෙට්ටිගේ මහතා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟින් එක්ව ඇත.
සජිත් ප්‍රේමදාස මහතා විසින් මාතර දිස්ත්‍රික් සංවිධායක ධුරයද ඔහුට පිරිනමා ඇති බවද වාර්තා වේ.
මාධ්‍යවේදී කුමාරසිරි හෙට්ටිගේ මහතා වසර ගනනාවක් පුරාවට මහින්ද රාජපක්ෂ මහතාට අතිශය සමීපව දේශපාලන කටයුතුවල යෙදුණු පුද්ගලයෙකු වීම හේතුවෙන් ඔහුගේ මෙම නික්ම යෑම දේශපාලන කරලියේ කතා බහට ලක්ව ඇත.