gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපතිවරණට නවතනු.. ජනමත විචාරණයක් කැදවනු - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

19 වෙනි සංශෝධනය විධිමත් ලෙස සම්මත වී නොමැති බවත් එය ජනමත විචාරයට යොමු කර අනුමැතිය ලබාගන්නා තුරු ජනාධිපතිවරණයක් නොපවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසිනි.

මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා, නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැත්තෑ වන සංශෝධනය කොට තේරී පත් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වසරක් ගෙවී යාමෙන් පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතු බලය අහිමි කිරීමට කටයුතු කර ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

එම සංශෝධනය ජනමත විචාරණයට ලක් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් තීරණය කර තිබුණත් මෙතෙක් ජනමත විචාරණයකින් එය අනුමත වී නොමැති බවද ඔහු කියා සිටියි.

එම සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත වී ජනාධිපතිවරයා ඊට අත්සන් තබා නොමැති පසුබිමක නීතියක් වශයෙන් සැලකිය නොහැකි බවත් ඒ අනුව 19 වන සංශෝධනය තවදුරටත් නීතියක් වශයෙන් පිළිගෙන කටයුතු කිරීම වැරදි සහගත බවත් ඔහු පෙන්වා දෙයි.

19 වන සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කිරීමකින් තොරව මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණයක් පැවැත්වීම නීතියට පටහැනි බවත් පවසන පෙත්සම් කරු 19 වන සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කිරීමකින් තොරව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් ලෙස සලකා ජනාධිපතිවරණයක් පැවැත්වීමට යාමෙන් මැතිවරණ කොමිෂන් සභාව මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත් පෙන්වා දෙයි.

මේ හරහා මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් 19 වන සංශෝධනය ජනමත විචාරණයකට යොමු කිරීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka