පාතාල නායකයකු සහ ජාත්‍යන්තර මතද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයකු බව කියන කංජිපානි ඉම්රාන්ට ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලැබී ඇතැයි “ලංකාදීප” පුවත්පත වාර්තා කර තිබේ.
කංජිපානි ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කරන ලද ලයිස්තුවේද සිටින අයෙකි.
පාතාල මර්ධන කටයුතුවල නිරත පොලිස් කණ්ඩායමක් කංජිපානි අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඔහු ඩුබායි රාජ්‍යට පැනගොස් එහි සඟව සිටිමින් එහි සිට ලංකාවේ මත්ද්‍රව්‍ය ජාලය හා පාතාල කටයුතු මෙහෙයවූ බව පැවසේ.
වසර 2019 පෙබරවාරි මාසයේදී දී තවත් පාතාල නායකයකු වන මාකඳුරේ මදුෂ් ඩුබායිහි තරු හෝටලයක සිය දරුවකුගේ උපන්දින සාදයක් පවත්වමින් සිටියදී ඩුබායි පොලිසිය විසින් මධුෂ් කංජිපානි ඇතුළු 31ක් අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව ඔවුන් ලංකාවට පිටුවහල් කළ අතර එසේ පැමිණි පිරිස රහස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත්තේය.
කෙසේවුවද, මාකඳුරේ මධුෂ් පැනයාමට උත්සාහ කිරීමේදී පොලිස් වෙඩිපහරින් මියගිය බව පොලිසිය නිවේදනය කර තිබිණි.
මේ අතර, අධිකරණයන් ඇප ලබාගත් කංජිපානි 2022දී මන්නාරමට ගොස් ධීවර බෝට්ටුවකින් ඉන්දියාවට පලාගොස් තිබිණි.
මේ සඳහා ඉන්දීය රෝ ඔත්තු සේවයේ සහය ලැබුණු බවට ද එකළ මාධ්‍ය වාර්තා පලව තිබිණි.
පසුව ඔහු ප්‍රංශයට පැනගොස් එරට දේශපාලන රැකවරණ ලබාගෙන ඇතැයි වාර්තා වේ.
කෙසේවුවද, කංජිපානිගේ බිරිය මේවන විට සිටින්නේ ඩුබායි රටේ බවට ද ආරංචි පැතිර තිබේ.
එසේම ඔහුගේ මුදල් පාලනයට ඉමිතියාස් නැමැත්තෙකු පත්කර ඇතැයි ද පැවසේ.
