ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නඩුව විභාග කිරීම අත්හිටුවයි!
ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සිද්ධිය සම්බන්ධව එම නෞකාවේ කපිතාන්වරයා සහ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර ඇත.
මහාධිකරණය හමුවේ ගොනුකළ චෝදනා නීතිවිරෝධී බව සඳහන් කරමින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වූ සී කොන්සෝටියම් ලංකා සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් ගොනුකළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නඩුව විභාග කිරීම අත්හිටුවයි!
2024-07-03T20:06:00+05:30
Gossip Lanka Hot News






