චණ්ඩි ටෝක් දුන්නු ඩයනා සජබයෙන් පැන්නුවාට එරෙහිව දාලා තිබ්බ නඩුව ඉල්ලා අස්කරගනී!
සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට සමගි ජන බලවේගය විසින් ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තාය.
එම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ, අදාළ පෙත්සම තව දුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක් නොමැති බවය.
ඒ අනුව එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුනි.
චණ්ඩි ටෝක් දුන්නු ඩයනා සජබයෙන් පැන්නුවාට එරෙහිව දාලා තිබ්බ නඩුව ඉල්ලා අස්කරගනී!
2024-07-17T13:30:00+05:30
Gossip Lanka Hot News






