gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

”කංජිපාණී ඉම්රාන් ලබා දුන් දැනුම්දීම කැරෝකේ වසන්තගේ පවුලේ උදවියටද දැනුම් දුන්නේ ද ? ” - පාතාලෙන් කොළඹ මල් ශාලාවට යළිත් තර්ජනයක්!

අතුරුගිරිය, ඔරුතොට ප්‍රදේශයේ ටැටු ආයතනයක් තුළදී නාඳුනන වෙඩික්කරුවන් අතින් ඝාතනයට ලක්වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ගේ දේහය මහජන ප්‍රදර්ශනය සඳහා ඔහුගේ දේහය තැම්පත් කර ඇති බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවට දෙවැනි වරටත් තර්ජනාත්මක ඇමතුමක් ලැබී තිබෙනවා.

එම තර්ජනාත්මක දුරකථන ඇමතුම සමග කියවී ඇත්තේ ”කංජිපාණී ඉම්රාන් ලබා දුන් දැනුම්දීම කැරෝකේ වසන්තගේ පවුලේ උදවියටද දැනුම් දුන්නේ ද ? ”යන්න බව එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඉකුත් 10 වෙනි දින එම මල් ශාලාවට ලද තර්ජනාත්මක ඇමතුම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට ලද පැමිණිල්ලක් අනුව බොරැල්ල පොලිසිය අපරාධ විමර්ශන අංශය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එම තර්ජනාත්මක ඇමතුම් සමගම එම පෞද්ගලික මල්ශාලාවේ ශාඛා කාර්යාල දෙක ආසන්න මාර්ගයේ දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇති අයුරු දක්නට ලැබුණා.

මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ඔත්තුව ලබා දුන් පළමු පුද්ගලයා ලෙස ක්ලබ් වසන්ත හඳුනාගෙන ඝාතනය කළ බවට කංජිපානි ඉම්රාන් පවසා තිබෙන බව පොලිසි ආරංචි මාර්ග පවසනවා.

තවද මදූශ් පිළිබඳ විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසයේ හා බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ද ඝාතනය කරන බවට කංජිපානි ඉම්රාන් පවසා තිබෙන බවට පැවසෙනවා.

පසුගිය 8 වෙනිදින ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් කැරොකේ වසන්ත ඔහුගේ බිරිඳ මෙන්ම ජනප්‍රිය ගායිකා කේ සුජීවා සහ ඇයගේ සැමියා ඇතුළු කීප දෙනකුටූ ටැටු ආයතනයක් විවෘත කිරීමට උත්සවයට සහභාගී වී කිරිබත් ආහාරයට ගනිමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ටි 56 ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් තිබුණා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka