වෙඩි තබා ඝාතන කළ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තාගේ ශරීරයේ තිබී උණ්ඩ 8ක් හමුවූ බව හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රනීත් සෙනෙවිරත්න මහතා අද (09) දින නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වේ.
ඒ අතරින් උණ්ඩ 3ක් මරණ කරුගේ හිසෙහි තිබියදී සොයා ගත් බවත් අනෙක් උණ්ඩ 5 පපුවේ සහ උදරයේ තැනින් තැන තිබී හමු වූ බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
ඔහුගේ මරණය හිසට සහ ඉනෙන් ඉහල ප්‍රදේශ වලට වෙඩි වැදීමෙන් සිදු වූ අභ්‍යන්තර තුවාල හේතුවෙන් සිදු වූ මරණයටක් බව එම මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු කර ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් පසුව වසන්ත සුරේන්ද්‍ර මහතාගේ දේහය මේ වනවිට පවුලේ ඥාතීන් වෙත ලබාදීමට කටයුතු කර ඇති බව පැවසේ.
