ක්ලබ් වසන්ත ඝාතනයට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට!
2024.07.08 වන දින අතුරුගිරිය පොලිස් වසමේ ටැටූ වෙළඳසැලක් තුලදී ටී 56 ගිනි අවි වලින් වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය සහ තවත් සිවු දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විර්මශන සිදුකරනු ලබන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් 2024.07.23 වන දින සවස් කාලයේ අතුරුගිරිය හා බත්තරමුල්ල ප්‍රදේශවලදී එම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
මෙම එක් සැකකරුවෙකු වෙඩිකරුවන් සහ ඔවුන් පැමිණි කාර් රථයේ රියදුරු කොරතොට ප්‍රදේශයේ සිට වැලිහිඳ ප්‍රදේශය දක්වා වෑන් රථයකින් රැගෙන ගොස් බස් රථයකට නංවා එම වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයට රැගෙන ගොස් සඟවන ලද වෑන් රථ රියදුරු වන අතර, අනෙක් සැකකරු ඉන් අනතුරුව වෙඩික්කරුවන් සහ කාර් රථයේ රියදුරු වැලිහිඳ ප්‍රදේශයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ දික්වැල්ල ප්‍රදේශය දක්වා බස් රථයකින් රැගෙන ගොස් එම බස් රථය සෙල්ල කතරගම ප්‍රදේශයේ සඟවා තබන ලද සැකකාර රියදුරු වේ.
– Repoter
ක්ලබ් වසන්ත ඝාතනයට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට!
2024-07-24T08:18:00+05:30
Gossip Lanka Hot News






