gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

දිලිත්ගේ “පොලිටිකල් කැම්පේන්” එක කරගන්න සුසිල්ට මඩගැසුවායැයි කියා චතුර අල්විස් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවන්න යයි!

ඊයේ  (12) උදෑසන දෙරණ අරුණ වැඩසටහනේ තමන්ට කළ පදනම් විරහිත අපහාසයක් සම්බන්ධයෙන්  නිවේදක චතුර අල්විස් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙස අධ්‍යාපන ඇමති සභානායක සුසිල් ප්‍රේමජයන්ත කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුවේ 118 වගන්ති ප්‍රකාරව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා ප්‍රකාශ කළේ කිසිම පදනමක් නොමැතිව තමන් විසින් ප්‍රකාශ නොකළ ප්‍රකාශ මෙන්ම තමන් විසින් කිසිවිටෙක් සිදු නොකළ සිද්ධි සම්බන්ධ කරගෙන තමන්ගේ මතයක් ඉදිරිපත් කරමින් චතුර අල්විස් විසින් සිදුකළේ අධ්‍යාපන ඇමතිවරයා ලෙසත්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙසත් තමන්ගේ චරිතය සාහසික ලෙස ඝාතනය කිරීම බවය.

එම වැඩසටහන සහිත සීඩී තැටිය සභාගත කරමින් සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා කීවේ 1991 වසරේ දී කෝට්ටේ නගර සභාවෙන් දේශපාලනයට පැමිණ 2000 වසරේ සිට මැතිවරණ හයකින් ජයග්‍රහණ කර පාර්ලිමේන්තුවට ප්‍රවේශ වී මේ දක්වා පාර්ලිමේන්තුවේ විවිධ වගකීම් සහ අමාත්‍ය ධූර දරමින් අති විශාල වැඩ කොටසක් කළ තමන්ගේ දේශපාලන ජීවිතයේ කිිසිම අවස්ථාවක කිසිම චෝදනාවක් එල්ල වී නැති බවය.

“කිසිම චෝදනාවක් නැතිව මම වැඩ කළේ. මඩ ගහන්න එන්න එපා. ජනාධිපති අපේක්ෂකයගේ කැම්පේන් එක වෙනම ගෙනියන්න. නාලිකාවක් හදාගත්තම හිටපු ජනාධිපතිවරුන්ට ලනු දුන්නම මේ අය හිතනවා ජනාධිපතිවරු වෙන්න පුලුවන් කියලා. නාලිකාවක් දාගත්තම එතන ගිහින් ඕනම දෙයක් කියන්න පුලුවන් කියලා මේ අය හිතනවා.”

“මේ කිසිම පදනමක් නැති කතාව කොලයක් බලාගෙන ඔහු කිව්වා. ඔහුගේ ප්‍රධානියා ලියලා දෙන්න ඇති. ව්‍යාපාර කරන්න පුලුවන් රාජ්‍ය අනුග්‍රහයෙන්. ඔය නාලිකාවට බලපත්‍ර ගත්ත හැටිත් මගෙන් අගහන්න එපා. ”

“වරප්‍රසාද කමිටුවට ගෙන්වන්න මේ අය. මැතිවරණය ප්‍රකාශ කර තිබුණ නම් මම මේක මැතිවරණ කොමිසමටත් ලියනවා. ” 

ඇමතිවරයා මතු කළ වරප්‍රසාද ප්‍රශ්නය කතානායකවරයා විසින් වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කළේය. 


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka