ජනාධිපතිවරණය සඳහා පොහොට්ටු පක්ෂයෙන් සුදුසු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ නොහැකි වුවහොත් තමන් එයට ඉදිරිපත් වන බව නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබිය දී ශිරන්ති රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන බව හෙළි වී තිබේ.
මේ බව හෙළි වූයේ පසුගිය 10 වෙනි දින රනිල් වික්‍රමසිංහ සමග රහසිගත දේශපාලන සාකච්ඡාවක් සඳහා බැසිල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ සහභාගී වීමත් සමග ය. මෙම සාකච්ඡාව රනිල් වික්‍රමසිංහ පාර්ශවයෙන් සංවිධානය කර ඇත්තේ සාගල රත්නායක වන අතර රාජපක්ෂ පවුල වෙනුවෙන් ඊට මූලික වී තිබෙන්නේ ශිරන්ති රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ දෙදෙනා බව මේ වනවිට හෙළි වී ඇත. එදින සාකච්ඡාවේ දී පොදු අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ගෙන තිබේ.
මේ වනවිට හෙළි වී තිබෙන්නේ මූලික එකඟත්වය රාජපක්ෂ පවුලෙන් ලැබී ඇති බව ය. ඒ අනුව නාමල් රාජපක්ෂ 2029 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මෙවර පෙරහුරුවකට සහභාගී වීම සඳහා දරන උත්සාහය ව්‍යර්ථ වීමේ ලකුණු පහළ වී ඇත.
-lankatruth