gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල්ගේ සැලැස්මෙන් ධම්මිකට ඇඩ්‍රස් නැතිවෙයි.. දේශපාලනයෙන් සමුගෙන ගෙදර යයි.!

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කෙරෙනා අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවට මේ වනවිට එම පක්ෂය තීරණය කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයේම කොන්දේසි ඇතුලත් එකඟතාවයක් සඳහා සාකච්ඡා පැවැත්වෙන බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එවන් පසුබිමක, එම පුරෝකථනය තවදුරටත් තහවුරු කරමින් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටිනා පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අනුරාධපුර මහ නගර සභා ක්‍රීඩාංගනයේදි පැවති ඩි.පි. එයුකේෂන් අයි.ටි. කැම්පස් හි අධ්‍යාපනය හැදෑරු සිසුන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයක් අමතමින් සුවිශේෂී කරුණු කිහිපයක් සඳහන් කළේය.

එහිදී එතුමා පවසා සිටියේ, තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් නැවත දේශපාලනයට පිවිසීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි.

එමෙන්ම සියලු පක්ෂ නායකයින් සමඟ එක්ව වැඩ කළ හැකි එකම නායකයා තමන් පමණක් බව පැවසූ හෙතෙම රටේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා සුවිශේෂී සැලැස්මක් තමන්ට ඇති බවත් පැවසීය.

කෙසේවෙතත් මේ වනවිට ධම්මික පෙරේරා මහතාගේ ජනාධිපති සිහිනය බොඳව ගොස් ඇති බවත් මේ මොහොතේ බලය රැකගැනීමේ අරමුණින් පොහොට්ටුව නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටිනා බවත් දැක ගන්නට ලැබේ.
-unusuma
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka