gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කරතරගම පෙරහරේ අලි කුලප්පුවක්… 3ක් රෝහලේ… පටන් ගත් දිනයේම පෙරහර අවුල් වෙයි! (video)

ඊයේ (06) ආරම්භ වුන රුහුණු කතරගම දේවාලයේ ඇසළ පෙරහරේ සිදුවු අලි කුලප්පුවක් හේතුවේන් පෙරහර නැවතී ඇති අතර පිරිස් කලබලවී තෙරපීම හේතුවෙන් තුන් දෙනෙක් රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. පෙරහර ආරම්භයේ සිටම සංවිධාන කටයුතුවල පැවතී ඇත්තේ ව්‍යාකූල ස්වරූපයකි. බස්නායක නිලමේ වරයා කිරිවෙහෙර වන්දනා කිරීමටවත් නොපැමිණි අතර දෙවියන් වැඩම්මවීම සඳහා පිරිත් දේශනා කරන අවස්ථාවේ ඒ පළාතටවත් නොපැමිණි බවත්, කතරගම දේවාලයේ තේවාව භාර ප්‍රධාන කපුවා දේවාලයෙන් එළියට නොබැස්ස බවත් මෙම සංස්කෘතික මංගල්ලය ආරම්භක දිනයේම පහත් විරසකයක් ප්‍රකාශ වී තිබුණු බවත් පෙරහර සංවිධායක මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

අලි කුලප්පුව ඇසින් දුටුවෙක් සිද්ධිය ලංකාසරට පැවසුවේ මෙසේය.

අපි පෙරහර බලාගෙන හිටියේ. ඒ වෙලාව රෑ 8.30ට විතර ඇති. පෙරහරේ ගමන් කරපු එක අලියෙක් හැරුණා. ඒ අලියා හැරිලා ආපහු යන්න ගත්ත ගමන් අනික් අලි ටිකත් කලබල වුනා. එයාල හැරිලා දේවාලේ පොල් ගහන තැන තියන බක්කිත් පෙරළගෙන ගාල පැත්තට දිව්වා.

අපිට වෙන්නේ මොකක් ද කියලා හිතා ගන්න බැරි වුනා. මිනිස්සු කෑ ගහනවා. පෙරළගෙන දුවනවා. පොඩි අයත් වඩාගෙන සමහරු. ඒ සද්දෙට අලි තවත් බය වෙලා. පෙරහර සීසීකඩ ගියා. අපි යන්තම් දුවලා ඈතට වෙලා වෙන දේ බලාගෙන උන්නා.

ටිකකින් ඇම්බියුලන්ස් ඇවිත් කීප දෙනෙක් දාගෙන ගියා හොස්පිටල් එකට… එතනින් පස්සේ පෙරහරේ කෑල්ලක් ගියා… අපි හිටියෙ බය වෙලා ” ඔහු කීවේය.

වාර්තාවන පරිදි මේ පෙරහරේ මුලින්ම කුලප්පු වන්නේ නාමල් රාජපක්ෂට අයත්බව කියන අලි දෙදෙනාගෙන් කෙනෙකි. කුලප්පු වූ අලියා පෙරහරට රැගෙන ආ මුල් අවස්ථාවේ සිට පහසුවෙන් නොසිටි බවත් පෙරහරට සහභාගී කරවීමට පෙර ඔවුන් නිසි පරීක්ෂාවට ලක් වූයේ දැයි සැක සහිත බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

එමෙන්ම අලි කුලප්පු වූ අවස්ථාවේ දි වනජීවී පශු වෛද්‍ය කණ්ඩායම සම්බන්ධීකරණය කරගැනීමට නොහැකි වීම නිසා මේ තත්ත්වය උග්‍ර වූයේ යැයි ද චෝදනා එල්ල වෙමින් තිබේ.

දෙවියන් හා බැඳුනු සංස්කෘතික පුජා විධියක්වන මෙම පෙරහර මංගල්ලය සඳහා බස්නායක නිලමේවරයා ඇතුලු ප්‍රධානීන්ගේ නිසි වගවීම නොමැති කමත්, දේවාලය තුළ දෙවියන්ට ලැබෙන පඬුරු වෙනුවෙන් කුලල් කා ගැනීම පමණක් සිදුකරන දේවාලයේ කපුවන්ගේ ස්වරූපය සමග දෙපාර්ශවයක් අතර ඇති වී තිබෙන විරසකයත් පෙරහරෙන් ප්‍රකාශ වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka