පොහොට්ටු අපේක්‍ෂක ධම්මික.. තීන්දුව අරන් ඉවරයි.. හෙට එය ප‍්‍රකාශ කරනවා පමණයි..
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන ජනාධිපති අපේක්‍ෂක ලෙස ධම්මික පෙරේරා මහතාට ස්ථිර වශයෙන්ම ඉදිරිපත් කරන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
එය මේ වන විටත් බැසිල් රාජපක්ෂ මහතා විසින් තීරණය කර අවසන් බවත් පැවසූ ඔහු හෙට දිනයේ එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇතැයි ද කියා සිටියේය.
ධම්මික පෙරේරා මහතා ජනාධිපති අපේක්ෂකත්වයට පත් කරවන බවද පැවසූ ඔහු කිසිසේත්ම රනිල් වික්‍රමසිංහ මහතාට අපේක්‍ෂකත්වය ලබා නොදෙන බවත් සදහන් කලේ්ය.
කෙසේ වෙතත් ආණ්ඩුව අස්ථාවර නොකර පවත්වාගෙන යෑම සඳහා පක්ෂයක් ලෙස සහාය ලබාදීමට තීන්දු කර ඇති බවද හෙතෙම කියා සිටියේය.
කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ අදහස් පල කරන ලදී.
පොහොට්ටු අපේක්‍ෂක ධම්මික.. තීන්දුව අරන් ඉවරයි.. හෙට එය ප‍්‍රකාශ කරනවා පමණයි..
2024-07-28T20:37:00+05:30
Gossip Lanka Hot News






