gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපතිවරණය කල් දාන අන්තිම තුරුම්පුව ගහයි..

ජනාධිපතිවරණය කල් දැමීමේ ආණ්ඩුවේ අවසාන තුරුම්පුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 83 (ආ) වගන්තිය ඇතුළු වගන්ති තුනක් සමඟ ගැටෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය වේ. එල්. පීරිස් මහතා පැවසීය.

පීරිස් මහතා මෙසේ පැවසුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට නීතිමය බලතල හිමි වූ බවත් ජනාධිපතිවරයාගේ නිල කාලය සහ පාර්ලිමේන්තුවේ නිල කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) උපවගන්තියේ සහ 62(2) උපවගන්තිවල ඉතා පැහැදිලිව දක්වා ඇති බවත් හෙතෙම කීය.

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් යම් හෙයකින් කෙටුම්පත සම්මත වුවහොත් දින 30කදී ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් පීරිස් මහතා සඳහන් කළේය.

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බව කී ජී. එල්. පීරිස් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122(3) උපවගන්තියේ එය ඉතා පැහැදිලිව දක්වා ඇති බව ද ප්‍රකාශ කළේය.

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබුණත් මේ දක්වා එය ගැසට් කර නොමැති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සරල ක්‍රියාදාමයක් නොව සංකීර්ණ ක්‍රියාවලියක් බවත් ඔහු කීවේය.

ජනාධිපතිවරණයක් අත ළඟ තිබියදී මෙවැනි සංශෝධනයක් ගෙන එන්නේ ආණ්ඩුවේ මැතිවරණ භීතිකාව හේතුවෙන් බවත් මැතිවරණ කොමිෂන් සභාව තව දින 13 කදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.
– යොහාන් භාසුර
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka