gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාලිත රංගේ බණ්ඩාර පල් බොරු කාරයෙක්… ඇමති බන්දුල ගුණවර්ධන කියයි!

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පල් බොරු කාරයෙක් බවත්, ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධව කැබිනට් මණ්ඩලයට කිසිම යෝජනාවක් ජනාධිපතිවරයා ඉදිරිපත් කළේ නැති බවත් මහා මාර්ග සහ ජන මාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන ඊය් (06) හෝමාගම දී ප්‍රකාශ කළේය.
ඔහු පැවසුවේ ජනාධිපතිවරයා සිය ධූර කාලය වෙනස් කරගැනීම සඳහා කිසිම යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ගෙනාවේ නැති බවය.

ඇමතිවරයා මාධ්‍ය අමතා මෙසේ කීවේය.
“නියත වශයෙන්ම මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්වෙනවා. එහි කිසිම වෙනසක් වෙලා නෑ. එහෙනම් ඕනෑම පුරවැසියෙකුට ඒ සම්බන්ධව අධිකරණයට යන්න පුලුවන්. ”

“ජනාධිපතිතුමා ඉතාම පැහැදලිව කැබිනට් මණ්ඩලයට උපදෙස් දීලා තියනවා නියමිත ආකාරයට සියලු මැතිවරණ පවත්වන්න. මේ වර්ෂයේ තියන මූල්‍ය අවකාශය තුළ ජනාධිපතිවරණය පළමුවෙන්ම පවත්වන එක කිසිම සැකයක් නෑ. ”

මේ අවස්ථාවේ දී මාධ්‍යවේදියෙක් විමසුවේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර ඊයේ ප්‍රකාශයක් කරමින් තම ධූර කාලය සම්බන්ධව කැබිනට් මණ්ඩලයෙන් විමසුයේ යැයි හෙළි කළ බවය.

එවිට ඇමතිවරයා මෙසේ කීවේය.

“පල් බොරු. එවැනි දෙයක් කැබිනට් මණ්ඩලයට ඇවිත් නෑ… ”
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka