ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ගමන් ගත් රථ පෙළ ජංගම දුරකතනයෙන් වීඩියෝගත කළ 21 හැවිරිදි තරුණයක් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තරුණයා කොල්ලුපිටිය අර්නස්ට් ද සිල්වා මාවතේ 28 වැනි පටුමඟ හන්දිය අසලදී සාගල රත්නායකගේ රථ පෙළ වීඩියෝ කිරීමේ වරදට අත් අඩංගුවට ගෙන ජංගම දුරකතනය පොලිස් භාරයට ගෙන ඇත.
පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ මේ තරුණයා පවසා ඇත්තේ මින් පෙර ප්‍රභූ ආරක්ෂක රථ පෙළක් ගමන් ගන්නා ආකාරය සජීවිව දැක නැති නිසා එය වීඩියෝගත කළ බව පොලිසියට පවසා තිබේ.
තරුණයා පොතුවිල් අල් නජාත් පාරේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයකු සමඟ ඩුබායි තානාපති කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේ දී මෙම වීඩියෝගත කිරීම සිදුකර ඇත.
කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.