gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ට පොහොට්ටුවට එන්න කියන එක විකාරයක් - එජාපය කියයි

එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නේනම් ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහු අපේක්ෂකයා ලෙස නම් කිරීම පිළිබඳ සළකා බැලිය හැකි බවට එම පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් කළ ප්‍රකාශයට එක්සත් ජාතික පක්ෂයේ අප්‍රසාදය පළවී තිබේ.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසන්නේ රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීම කිසිසේත් සිදු නොවන දෙයක් බවයි.

රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණය ඉදිරිපත් වන්නේ සියලු පක්ෂවල සහය ඇති අපේක්ෂකයකු ලෙස බව ඔහු ප්‍රකාශ කර තිබේ.

පසුගිය බදාදා (4) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කාරියවසම් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ තමන් නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන්නේ නම්, ඔහුව ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් සළකා බැලිය හැකි බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසා ඇත්තේ ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්විය යුතු යැයි යෝජනා කිරීම ‘විකාරයක්’ බවයි.

රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකයා වුවද ඔහු පක්ෂයේ අපේක්ෂකයා ලෙස නොව ජාතික අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් කිරීම මේ මොහොතේ කළ යුත්ත බව රංගේ බණ්ඩාර සඳහන් කර තිබේ.

ජාතික නායකයකු ලෙස ඔහුගේ ගමන කෙළෙසීම සඳහා විවිධ පුද්ගලයන් විවිධ ප්‍රකාශ කළ හැකි නමුත් ඒවා බරපතළ ලෙස ගණන් නොගත යුතු බවද ඔහු සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් විසින් සංවිධානය කරන ලද මහජන රැලිවලදී විවිධ මත පළ වෙමින් තිබේ.

කෙසේවෙතත් සාගර කාරියවසම් පැවසුවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න මෙතෙක් තීරණය කර නොමැති අතර ‘පොහොට්ටුව’ යටතේ තරග කරන අපේක්ෂකයා සුදුසු අවස්ථාවේදී නම් කරන බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka