ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබා නොදීමට ඊයේ රාත්‍රියේ රැස්වූ පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය තීන්දු කිරීමත් සමග මේ වනවිට ආණ්ඩුව ඇතුළේ පෙරළි රැසක් සිදුවන ලකුණු පහළවී තිබේ.
ඒ අනුව අද පෙරවරුවේම පොහොට්ටුවේ ප්‍රබල අමාත්‍යවරයකු සිය අමාත්‍යාංශයේ බඩු බාහිරාදිය ඉවත් කරගැනීමට සූදානම් වන ලෙස සිය කාර්යමණ්ඩලයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
අමාත්‍යවරයා සිය කාර්යමණ්ඩලයට දැනුම්දී ඇත්තේ තව දින 53කින් නියත වශයෙන්ම මහ මැතිවරණයකට මුහුණ දීමට නියමිතව තිබෙන නිසා දැන් තියාම ඊට සූදානම් වීමට කටයුතු කළයුතු යැයි කියාය.
