පොහොට්ටු තීන්දුවෙන් පසු ආණ්ඩුව ඇතුළේ පෙරළි පිට පෙරළි පටන්ගනී... දවස් 53න් ගෙදර යන්නම වෙනවා... බඩු පැක් කරගෙන ලෑස්ති වෙන්න! - ප්‍රබල පොහොට්ටු ඇමැති කල්තියාම උපදෙස් දෙයි!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබා නොදීමට ඊයේ රාත්‍රියේ රැස්වූ පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය තීන්දු කිරීමත් සමග මේ වනවිට ආණ්ඩුව ඇතුළේ පෙරළි රැසක් සිදුවන ලකුණු පහළවී තිබේ.
ඒ අනුව අද පෙරවරුවේම පොහොට්ටුවේ ප්‍රබල අමාත්‍යවරයකු සිය අමාත්‍යාංශයේ බඩු බාහිරාදිය ඉවත් කරගැනීමට සූදානම් වන ලෙස සිය කාර්යමණ්ඩලයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
අමාත්‍යවරයා සිය කාර්යමණ්ඩලයට දැනුම්දී ඇත්තේ තව දින 53කින් නියත වශයෙන්ම මහ මැතිවරණයකට මුහුණ දීමට නියමිතව තිබෙන නිසා දැන් තියාම ඊට සූදානම් වීමට කටයුතු කළයුතු යැයි කියාය.
පොහොට්ටු තීන්දුවෙන් පසු ආණ්ඩුව ඇතුළේ පෙරළි පිට පෙරළි පටන්ගනී... දවස් 53න් ගෙදර යන්නම වෙනවා... බඩු පැක් කරගෙන ලෑස්ති වෙන්න! - ප්‍රබල පොහොට්ටු ඇමැති කල්තියාම උපදෙස් දෙයි!
2024-07-30T14:13:00+05:30
Gossip Lanka Hot News