සජබෙ මන්ත්‍රීවරුන්ට මේ දවස්වල ආණ්ඩුවෙ පැත්තෙන් බේරිල්ලක් නෑ! ආණ්ඩුවට එන්න කියලා දිගට හරහට බලපෑම් ඇවිත්! 25 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්!
කෙසේ හෝ මේ සතියේදී ආණ්ඩුවට එක්වන ලෙස දැනුම්දෙමින් ආණ්ඩු පාර්ශ්වයේ මැතිඇමැතිවරුන්ගෙන් සජබ මන්ත්‍රීවරුන් වෙත දිගින් දිගටම බලපෑම් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ
ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වය සහ පක්ෂ ප්‍රධානීන් දැනුවත් කොට ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා දිනයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එල්ල වී ඇති මෙම බලපෑම් පිළිබදව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇති බව පැවසේ.
එහිදී සාධක සාක්ෂි සහිතව මෙම විශේෂ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට විපක්ෂනායකවරයා සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.
තම පක්ෂයට පොරොන්දු වූ පරිදි මෙ සතියේ සජබ මන්ත්‍රී කණ්ඩායමක් ආණ්ඩුවට ගෙන පෙන්වන ලෙස පොහොට්ටුව පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට දැනුම් දීමට පියවර ගෙන තිබිණ.
සජබෙ මන්ත්‍රීවරුන්ට මේ දවස්වල ආණ්ඩුවෙ පැත්තෙන් බේරිල්ලක් නෑ! ආණ්ඩුවට එන්න කියලා දිගට හරහට බලපෑම් ඇවිත්! 25 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්!
2024-07-23T12:54:00+05:30
Gossip Lanka Hot News





