මුද්‍රණාලයත් සූදානම්! පොලිසියත් සූදානම්! තැපෑලත් සූදානම්! අපිත් සූදානම්! ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් විශේෂ ප්‍රකාශයක්!
මැතිවරණ 05කට ප්‍රමාණවත් ලිපි ද්‍රව්‍ය රාජ්‍ය මුද්‍රණාලය සතු බව රජයේ මුද්‍රණාලාධිපතිනිය දැනුම්දුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
ඒ සම්බන්ධ දල ඇස්තමේන්තුවක් කඩිනමින් මැතිවරණ කොමිෂන් සභාවට බාරදීමට නියමිත බව මුද්‍රණාලාධිපති ගංගානි කල්පනි ලියනගේ මහත්මිය එහිදී සඳහන් කර තිබේ.
මේ අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එහිදී සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීමේ සිට මැතිවරණය අවසන් වන තෙක් සියලු ආරක්ෂක වැඩපිළිවෙළ සංවිධානය කරන බවයි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ඇතුළු ජනාධිපතිවරණයට අදාළ සියලු කටයුතු කිසිදු බාධාවකින් තොරව ඉටුකරන බව තැපැල්පතිවරයා එහිදී සඳහන් කර බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය.
මැතිවරණ කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවේදී එම දැනුම්දීම් සිදුකර බව පැවසීය.
ජනාධිපතිවරණය සඳහා පවතින පූර්ණ සූදානම පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.
මේ අතර ජනාධිපතිවරණයට අදාළ අයදුම්පත් ඇතුළු ලේඛන මුද්‍රණය කිරීම මේ වනවිට ආරම්භ කර ඇතිබව රජයේ මුද්‍රණාලය පවසයි.
ආණ්ඩුක්‍රම විවස්තාව අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ බලය ලබන 17 පසුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට හිමිවෙයි.
ඒ අනුව මෙම මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මුද්‍රණාලයත් සූදානම්! පොලිසියත් සූදානම්! තැපෑලත් සූදානම්! අපිත් සූදානම්! ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් විශේෂ ප්‍රකාශයක්!
2024-07-10T11:03:00+05:30
Gossip Lanka Hot News






