සරත් ෆොන්සේකා මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයට ඒ මොහොතේම ප්‍රතිචාර දැක්වීමට මුජිබර් රහුමාන් මහතා කටයුතු කළේය.
එහිදී රහුමාන් මහතා කියා සිටියේ ෆොන්සේකා මහතාට ජනාධිපති අපේක්ෂකයා වීමේ අවශ්‍යතාව තිබූ බවත්, සජබයේන එය නොලැබීම හේතුවෙන් මෙසේ ප්‍රභූ පැලැන්තියේ වුවමනාව මත ප්‍රේමදාස මහතාට ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කරන බවත්ය
විපක්ෂනායකවරයා කැසිනෝකාරයන්ගේ මුදල්වලින් දරුවන්ට ස්මාර්ට් පන්ති කාමර ලබා නොදෙන බව කී රහුමාන් මහතා ෆොන්සේකා මහතා හෙට අනිද්දා යන්නට සිටින්නේ කැසිනෝකාරයන්ගේ සන්ධානයකට බවත් කියා සිටියේය.