gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව සමඟ මේ වෙලාවේ එකතු වෙන්නේ රටට ආදරය කරන මිනිස්සු නෙවෙයි! වරප්‍රසාද නැතුව බැරි.. ප්‍රතිපත්ති පාවා දෙන.. ඕනම කෙනෙක් එක්ක දීග කන්න කැමැති… ඇමැති කටු සූප්පු කරන දේශපාලන ගණිකාවන්! හර්ෂණ වරප්‍රසාදවලට ආණ්ඩුවට පනින්න ඉන්න අයගේ රෙදි ගලවයි! VIDEO

ආණ්ඩුව මේ වනවිට කටයුතු කරන්නේ රට වැටිී තිබෙන අගාධයෙන් ගොඩගැනීමට නෙවෙයි. විවිධ පුද්ගලයන්ට අල්ලස් , තනතුරු , වරප්‍රසාද ලබාදෙමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව නැවත ජනාධිපති කරන්න. දේශපාලන වශයෙන් බුද්ධියක් තිබෙන විපක්ෂයේ කිසිවෙක් ආණ්ඩුව සමඟ එකතු වෙන්නේ නෑ. ආණ්ඩුව සමඟ විපක්ෂයේ කෙනෙක් එකතු වෙන්න උත්සහ කරනවානම් ඒ ඔහු යන්නේ තමන්ගේ දේශපාලන ජිවිතේ මලගමට. ආණ්ඩුව සමඟ මේ මොහොතේ එකතු වෙන්නේ රටට ආදරය කරන මිනිස්සු නෙවෙයි. වරප්‍රසාද නැතුව බැරි , ප්‍රතිපත්ති පාවා දෙන , ඕනම කෙනෙක් එක්ක දීග කන්න කැමැති , දේශපාලන ගණිකාවන් තමයි ආණ්ඩුව සමඟ එකතු වෙනවානම් එකතු වෙන්නේ.. යැයි හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ එකතු වෙනවා කියන්නේ පොහොට්ටුව සමඟ එකතු වෙනවා කියන එකයි. එහි කිසිදු වෙනසක් නෑ. පොහොට්ටුවේ ඉන්න පිරිස තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහාය දෙන්න ඉදිරිපත් වෙලා තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ එකතු වෙලා ඉන්නේ යහපාලන ආණ්ඩුව කාලයේ වංචා , දූෂණ , හොරකම් වලට සම්බන්ධ යැයි නම් කළ පිරිසක්. ඒ බව අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අමතක වෙලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලඟම ඉන්නේ යහපාලන කාලයේ වැරදිකරුවන් ලෙස නම් කළ පිරිස. බලය උදෙසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රතිපත්ති සියල්ල අමතක කරලා තිබෙනවා.

ආණ්ඩුවේ පිරිස් මොන කතා කිව්වත් අනිවාර්යෙන් ඔක්තොම්බර් 17 ට කලින් ජානාධිපතිවරණය පැවැත්වෙනවා. ජනාධිපතිවරණය අවසන් වුණ ගමන් පාර්ලිමේන්තු මැතිවරණයකුත් මේ අවුරුද්දේ එනවා. පාර්ලිමේන්තු මැතිවරණයේදී දේශපාලන ගණිකාවන් ගැන තීන්දුව ජනතාව ගත යුතුයි. ඒ දේශපාලන ගණිකාවන් තීන්දු තිරණ ගන්නේ රට වෙනුවෙන් නෙවෙයි. ඔවුන් තමන්ට අවශ්‍ය වරප්‍රසාද ලබාගන්න තමයි ඩිල් දේශපාලනයක ඔවුන් නිරත වෙන්නේ. දේශාපාලන ගණිකාවන් නැවත පාර්ලිමේන්තුවට එවන්න කටයුතු නොකරන්න කියනා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුවට පත් කළ යුත්තේ රටට වැඩක් කරන සුදුසු පිරිසක්.

මොන දේශපාලන ඩීල් ක්‍රියාත්මක වුණත් රටේ ඊළඟ නායකයා බවට පත් වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. රටේ ඊළග ආණ්ඩුව හදන්නේ සමගි ජනබලවේගය. සමගි ජනබලවේගය සමඟ විශාල පිරිසක් අත්වැල් බැඳගෙන සිටිනවා. එළඹෙන සතියේදී දවස් 10 කින් ලක්ෂ 20 ක සමාජිකයන් ප්‍රමාණයක් අලුතින් සමගි ජනබලවේගයට බඳවා ගැනීමේ ක්‍රියාන්විතයක් ආරම්භ කරනවා. ඒ වගේම ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න හැකි ශක්තිය සමගි ජනබලවේගයට තිබෙනවා.

ජනමතයකින් අලුත් පාර්ලිමේන්තුවක් සහ ජනමතයකින් රටට නායකයෙකු පත් කරගන්න අවශ්‍යයි. මැතිවරණ කල් නොදමා ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනයක පවත්වන්න. රටට අවශ්‍ය වන්නේ ජනමතයක් තිබෙන නායකයෙක් සහ ජනමතයක් තිබෙන පාර්ලිමේන්තුවක්. ‘‘

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka