අලුත් මුහුණුවරකින් එජාපය මැතිවරණ වැඩ අරඹයි!
එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව නිලධාරී මණ්ඩලයක් පත්කර ඇත.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂ ජාතික මැතිවරණ සංවිධායක ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාතික මැතිවරණ ලේකම් ධුරයට හිටපු අමාත්‍ය රවී කරුණානායක, මැතිවරණ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා පත් කර ඇත.
තවද එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස ෆිරෝස් ශාබ්දීන්, උප සභාපති ලෙස මිස්බා සතාර්, නියෝජ්‍ය මහ ලේකම් ක්‍රිෂාන් තියඩෝර් ලෙස පක්ෂ නිලධාරී මණ්ඩලයේ සුළු වෙනසක් සිදුකර ඇත.
අලුත් මුහුණුවරකින් එජාපය මැතිවරණ වැඩ අරඹයි!
2024-06-03T14:58:00+05:30
Gossip Lanka Hot News





