gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

උදයංගගේ රු. මි. 600 මුදාහැරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට එරෙහි මිග් යානා ගනුදෙනුව සම්බන්ධ නඩුවට අදාළව අත්හිටුවා ඇති බැංකු ගිණුම් දෙකක ඇති රුපියල් මිලියන 600කට ආසන්න මුදල නැවත ඔහු වෙත මුදා හැරීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ මෙම මුදල් තමන් වෙත මුදා හරින ලෙස ඉල්ලා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ගොනු කළ මෝසමක් කැඳවූ අවස්ථාවේදීය.

රුසියාවේ හිටපු තානාපති ලෙස වසර 09ක් කටයුතු කළ තමන්ට ලැබුණු තානාපති වැටුප, නිවසක් විකිණීමේ හා සංචාරක නිකේතනයක් විකිණීමෙන් ලැබුණු මුදල් මෙම ගිණුමේ තැන්පත් කළ බවට විත්තිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අධිකරණයට ඔහුගේ නීතිඥයන් මඟින් දන්වා ඇත.

කෙසේ වෙතත් නඩුව කැඳවූ අවස්ථා කිහිපයකදීම මෙම මුදල් ලැබුණු ආකාරයට අදාළ කරුණු තහවුරු කිරීම සඳහා ලේඛන ඉදිරිපත් කරන ලෙස පැමිණිල්ල විසින් විත්තියට දැන්වීම් කළද එම ලේඛන ඉදිරිපත් කර නැත. යුක්රේන් රාජ්‍යයෙන් කළ විමසීමක් අනුව එරට පොලිසියට, අදාළ ලේඛන ඉදිරිපත් කළ නොහැකි බවට දැනුම් දී ඇතයි විත්තිය අධිකරණයට දන්වා තිබේ.

එහිදී කරුණු දක්වා තිබෙන රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක යුක්රේන් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාව එවැනි ඉල්ලීමක් කර නැති බවත් ඔවුන් අදාළ චෝදනා පිළිබඳ වෙනම පර්යේෂණයක් පැවැත්වූ බවත් කියා ඇත.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විත්තිය ඉල්ලා සිටින පරිදි මුදල් මුදා හරින ලෙස නියෝගයක් නිකුත් කිරීමට නොහැකි බවට ප්‍රකාශ කර ඇත.

- lankatruth


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka